නේත්‍රා....

වෙන දවසක නම් මේ වෙලාවට නේත්‍රාට හරියට වැඩ. කී තැනක නම් රාජකාරී බලන්න කියලද. එකක් හරි හරියට සෙව්වේ නැත්තන් කොහේ හරි ප්‍රශ්නයක්. නේත්‍රා ටිකක් ආඩම්බරයි කියල දන්නා සමහරු කියනවා. එයාගේ කටේ සද්දේ දන්නා අය නම් සැරයි කියලත් කියනවා. හැබැයි නේත්‍රාට ඕව ප්‍රශ්න නෙවෙයි. 

 මටත් නේත්‍රා ගෙන් දුක සැප අහන්න දවස් කීපයක්ම හිතුනත් වැඩි මිත්‍රශීලී බවක් පෙන්නපු නැති නිසා පැත්තකට වෙලා ඉන්න එක ශරීර සෞඛ්‍යයට හොඳයි කියල මගේ ටිකිරි මොලේට දැනුන. දවසක් නොවැලක්විය හේතුවක් නිසා එයා ගේ ඉස්සරහටම මට යන්න වුනා. ගස්සල ඔරවල එහෙම ගියාට මට දැනුනේ තරහකට වඩා දුකක්. 

 අංජන ගාපු දීප්තිමත් ඇස් දැක්ක දවසෙම මම දැනගත්ත ඇයි එයාට ඒ නම කියන්නේ කියල. උසට සරිලන මහත, දැන් පීරුව වගේ තියෙන දිලිසෙන කෙස්, ලලිත ගමන, දිගු කල උල් නිය, මනාව පිහිටි දත් දෙපෙළ .... ලයිස්තුව මෙතනින් ඉවර නැහැ. පරණ කවියෙක් හිටියනම් කොච්චර ලස්සනට ඔය ටික කියයිද? 

නේත්‍රා ටිකිස් ටිකිස් ගාල මගේ ලඟින් යනකොට ඔය සිතුවිලි රෑන විසිරිලා මම ආයෙත් පියවි ලෝකයට ආව. පාරේ ඉන්න මිනිස්සුත් ටිකක් එහෙට මෙහෙට වෙලා ඉඩ හදල දුන්නේ බයටමත් නෙවෙයි. ඒත් වෙනද තිබුන උජාරුව අද නැහැ. නේත්‍රාගේ කකුල තුවාල වෙලා. තුවාල වෙලාද, තුවාල කරලද කියල මට සැකයක් හිතුනා. හරියල නූලට වැඩ කරන නිසා ගොඩක් අය නෙත්‍රාත් එක්ක තරහයි. ඉස්සරහට අත වනල යන අයම රෑ ඇවිත් කරදරයක් වත් කලාද? ඒත් ලස්සනට බැන්ඩේජ් කරපු තුවාලය දැක්කම මට තේරුනා කවුරු නැතත් මිසීලා නේත්‍රාත් එක්ක මේ ප්‍රශ්නේදි ඉන්නවා කියල. 

 එක නිසානේ බවුවා මිසී නේත්‍රා කියල කතා කරපු ගමන් කකුලේ තුවලෙත් අමතක වෙලා වලිගෙ වනාගෙන හිනාවීගෙන දුවගෙන ගියේ. 

 තාම නේත්‍රාගේ පින්තුරයක් ගන්නනම් බැරි වුනා. කැමරාවත් අරගෙන වැඩට යන එක ලේසි නෑ. ගොඩක් අයට එකේ ඇතුලේ තියන පින්තූර බලන්න ඕන වෙනවා. 

An excerpt from my diary …  apologies about the unrelated picture….

Comments

  1. මම මුලින්ම හිතුවේ නේත්‍රා කියන්නෙ ඔයලගේ ලොක්කි කියලා :)

    දින පොතේ උනත් ආසවෙන් කියවගෙන යන්න පුලුවන් විදියට ලියල තියෙනවා.බලන් ගියාම දොස්තර නෝනා ඉන්ගිරිසියෙන් උනත් සින්හලෙන් උනත් ලියන්නත් හෑබෑ දස්සයි නේ.මන් ගෑන උනත් ඔය කියල තියෙන්නෙ ..හෙහේ!

    කෙනෙකුගෙ එලියෙ මොනතරන් ලොකු තුවල තිබුනත් අතුලෙ තියෙන පුන්චි තුවාලේට උනත් පොඩි හරි බෙහෙතක් ලබෙනවනන් එකෙන් අනිත් හෑම දෙම උනත් අමතක වෙන එක අහන්නත් දෙයක්ද අප්පා! :)

    පින්තුර ගන්න වෑඩේ වගෙම ලියන වෑඩෙත් දිගටම කරගෙන යන්න ඔන්න මගෙ සුබපතුම්!

    ReplyDelete
  2. That was really sweet and beautifully put. Gosh it took me a while to get the point, who Nethra actually was! lol

    And got to say this is nothing like a normal diary entry but sounds more like a page from a very interesting novel. Do keep writing them more! :)

    ReplyDelete
  3. ස්තුතියි අංජන, සමහර වෙලාවට හිතේ තියෙන දේවල් වචන වලට පෙරලන්න පුළුවන්. ඒත් හුඟක් දේවල් එහෙම කරන්න බැහැ.මම බ්ලොග් එකේ ලියන්නේ ඒ ටික විතරයි :)

    Thaks Harshi, Nethra would have been a very pretty girl if she was human.. :)

    ReplyDelete
  4. වචන වලට පෙරලන්න බැරි දෙවල් ටිකක් හිතල ලස්සනට ලියන්න හැමෝටම බැරි එකනෙ ප්‍රශ්නේ.

    හැබැයි සමහර දෙවල් නොකියා හිටියනන් හොදයි කියලා හිතෙන වෙලවලුත් ඔනේ තරන් තියෙනවා =:)

    ReplyDelete
  5. That's so true, she'd surely be pretty. :)

    Hope to see more of your posts this year too. And Best of luck for the new year in all your endeavors in career, photography as well as writing!

    ReplyDelete

Post a Comment

Popular Posts