තනි වූ සියුමැලිය



මගේ ප්‍රියතම ගීතයක සුනිල් එදිරිසිංහ මෙහෙම කියනවා... “මම මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පර වෙන නිසාමයි ”. මේක පියෙකුගේ හිතේ පතුලෙන්ම වේදනාවක් එක්ක මුසුවෙලා එන ආදරණීය හැඟුමක්. මට ඒ වචන ටික උණුසුම් ඊයම් ගුලි වගේ. පපුව ඇතුලටම කිඳා බැහැල උනුවෙලා ඇස් කොනින් බොඳ වෙලා යනවා. ඒක හරියටම විඳින්න පුළුවන් දුවෙකුට විතරයි කිව්වොත් හුඟක් අය මාත් එක්ක තරහ වෙයි.

ඒත් මම හිතන්නේ තාත්ත කෙනෙකුගේ ආදරය හරි බරයි, ගැඹුරුයි,ඒ දේ දැනෙන්නේ සියුමැලි හිතකට. හරියට ගන නිල් දියඹ වගේ. එකේ ධාරිතාවය කවුරුවත් දන්නෙත් නෑ හොයන්නෙත් නෑ. ඒත් අපිට හැමදාම කොච්චරවත් ඒකේ උදාහරණ අහන්න ලැබෙනවද?

මට මේ දේවල් හිතෙන්න ගත්තේ මේ තනියම පිපුණු මල හීතලේ හිනාවෙවී ඉන්නවා දැක්කම. නුවර එළියේ ඉර බැහැගෙන යන හැන්දෑවක මට හමුවුන මේ මිතුරිය මම හොරකම් කරගත්ත (මගේ කැමරාවෙන්). මෙච්චර අහිංසකව හිනාවෙන්නේ මේ ලෝකය හරිම සුන්දරයි කියල හිතල වෙන්න ඕනි.......

තව දෙයක්, මේක මගේ බ්ලොග් එකේ පලවෙනි සිංහල වචන ටික. ඒකට ඉඩ ලැබුනේ ගූගල් ට්රාන්ස් ලිටරේෂන් නිසා. පිස්සිගේ පලා මල්ල වගේ තිබුන මගේ බ්ලොග් එකට තව පළා මිටක් කියල හිතා ගත්තම හරි. අදහස් පළ කරන්න වෙනම මානයක් ලැබුන වගේ මට දැනෙන්නෙ.

Comments

  1. You made me speechless with your stunning macro and awesome eloquence in Sinhala! BTW I still don't get how it works. Is it like you type the Romanized words and it converts to Sinhala font?

    Just that some letters don't show up right on my screen, maybe I don't have the particular font. It'd be nice if you could add the font somewhere so we could see it better. :)

    And do keep writing more!

    ReplyDelete
  2. Thanks Harshi,
    google transliteration was installed in my computer by a friend who uses it. I needed it to type some documents in sinhala that was work related. I think you need a particular font to use it...not sure though. After installing I don't need to be online to use it now.
    I hope you will work it out :) I'm not an expert in these matters either.
    BTW I made the fonts a bit bigger ... I think its more readable now :)

    ReplyDelete
  3. You're welcome SM! :) Really? That sounds so convenient. hehe.. That's ok. And yep, if I google it up I'll be able to know how it works. :D Ah yeah, it does look more clear now. Thanks. :)

    ReplyDelete
  4. දැනුයි මම මේ පොස්ට් එක දැක්කෙ.පින්තුරෙනන් අති විශිෂ්ටයි!

    ලියලා තියෙන දෙත් අත්තම තමයි. හැබැයි දුවෙක් වෙන්නම ඔනේ නැහැ .. දුවෙක් ඉන්න තාත්තා කෙනෙකුට උනත් මේ දේ තේරුණ් ගන්න පුලුවන්.

    සින්ග්ලිශ් වලින් ලියන්න මේකත් පාවිච්චි කරන්න පුලුවන් ඔනේනන්.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete

Post a Comment

Popular Posts